Jump to content

තොග වෙළෙඳාම

විකිපීඩියා වෙතින්
බර්මිංහැම් තොග වෙළෙඳ පොළ

නැවත විකිණීම සදහා භාණ්ඩ අලෙවි කිරිම තොග වෙළෙඳාම වේ. නිෂ්පාදකයාගෙන් විශාල තොග රැස් කර ගෙන ඒවා ගබඩා කර ආරක්ෂා කරන අතර අවශ්‍ය විට සිල්ලර වෙළෙඳාමට ඒවා අලෙවි කරනු ලැබේ.

තොග වෙළෙන්ඳාගේ කාර්යයන්

[සංස්කරණය]

1. නිෂ්පාදකයන්ගෙන් විශාල තොග වශයෙන් ගෙන කුඩා තොග වශයෙන් සිල්ලර වෙළෙන්ඳාට අලෙවි කිරීම

2. ප්‍රවර්ධන කටයුතු කිරීම

3. ණයට භාණ්ඩ සැපැයීම

4. භාණ්ඩ ගෙන ගොස් දීම

5. වෙළෙඳපොළ අවශ්‍යතා ගැන අදාළ තොරතුරු නිෂ්පාදකයාට දැනුම් දීම


තොග වෙළෙන්ඳන් වර්ග

[සංස්කරණය]

1. සාමාන්‍ය තොග වෙළෙන්ඳා - නිෂ්පාදකයාගෙන් භාණ්ඩ ගෙන තොග රැස් කර ගෙන සිට අවශ්‍ය වෙලාවට සිල්ලර වෙළෙන්ඳාට අලෙවි කරනු ලැබේ.

2. අපනයන තොග වෙළෙන්ඳා - දේශීය වශයෙන් භාණ්ඩ තොග රැස්කර ඒවා විදේශ රටවලට අලෙවි කිරීම.

3. ආනයන තොග වෙළෙන්ඳා - විදේශ රටවල භාණ්ඩ ගෙන්වා මෙරට සිටින තොග හා සිල්ලර වෙළෙන්දන්ට අලෙවි කරනු ලැබේ.

4. නිර්මාණ තොග වෙළෙන්ඳා - නිෂ්පාදකයාගෙන් මිලදි ගත් භාණ්ඩ යම් යම් වෙනස්කම් කොට නව නිමාවකින් සිල්ලර වෙළෙන්ඳා අලෙවි කරනු ලැබේ.

5. ප්‍රාථමික තොග වෙළෙන්ඳා - සුළු නිෂ්පාදකයාගෙන් භාණ්ඩ මිලට ගෙන තොග රැස් කර වෙනත් තොග වෙළෙන්දන්ට භාණ්ඩ අලෙවි කරනු ලැබේ.

6. ද්විතීය තොග වෙළෙන්ඳා - ප්‍රාථමික තොග වෙළෙන්ඳන්ගෙන් භාණ්ඩ මිලට ගෙන ඒවා ගබඩා කර සිල්ලර වෙළෙන්ඳන්ට අලෙවි කරනු ලැබේ.

අමතර අවධානයට

[සංස්කරණය]

මූලාශ්‍ර

[සංස්කරණය]