Jump to content

නව-නාසිවාදය

විකිපීඩියා වෙතින්

නව-නාසිවාදය යනු දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව නාසිවාදය නැවත පිහිටුවීමට උත්සාහ කරන සටන්කාමී, දේශපාලනික සහ සමාජයීය ව්‍යාපාර වේ. වාර්ගික වෛරය සහ වාර්ගික ස්වෝත්තමාවාදය (බොහෝවිට සුදු ස්වෝත්තමාවාදය) පැතිරවීමටත්, සුළු ජාතීන්ට හිංසා කිරීමටත් (බොහෝවිට යුදෙව්වන් සහ මුස්ලිම්වරුන්ට), සහ ඇතැම්විට ෆැසිස්ට් රාජ්‍යයක් බිහිකිරීම සඳහාත් නව-නාසිවාදීන් තම දෘෂ්ටිවාදය උපයෝගි කරගනියි.[1][2]

නව-නාසිවාදය ගෝලීය සංසිද්ධියක් වන අතර, ලොව පුරා රටවල් ගණනාවක් සහ ජාත්‍යන්තර ජාල ගණනාවක් තුල එහි සංවිධානාත්මක නියෝජනයන් දැකිය හැක. නාසිවාදයෙහි ඇති ප්‍රධාන අංගයන් වන යුදෙව් විරෝධය, අන්ත-ජාතිකවාදය, වර්ගවාදය, විදේශ භීතිය, ආබාධිතයන්ට එරෙහි වෙනස්කම්කිරීම්, සමලිංගික භීතිකාව, කොමියුනිස්ට් විරෝධය වැනි මතවාද නව-නාසිවාදය තුලද දැකිය හැකි අතර, බොහෝවිට ඔවුන්ගේ අවසාන අභිප්‍රාය වනුයේ "හතරවන ජර්මානු රාජ්‍යය" ක් (ඉංග්‍රීසි:  Fourth Reich) බිහිකිරීමයි. නව-නාසිවාදීන් බොහෝ විට මහා යුදෙව් සංහාරය සිදු වූ බව ප්‍රතික්ෂේප කරයි.

නව-නාසිවාදීන් නිරතුරුව නාසි සංකේත ප්‍රදර්ශනය කරන අතර, ඇඩොල්ෆ් හිට්ලර්ට සහ වෙනත් නාසි නායකයන්ට ප්‍රශංසාව දක්වයි. ඇතැම් යුරෝපානු සහ ලතින් අමරිකානු රටවල නාසිවාදී, වර්ගවාදී සහ සමලිංගිකභීතී අදහස් ප්‍රකාශ කිරීම නීතියෙන් තහනම් වේ. නව-නාසිවාදය පැතිරීයාම වැළැක්වීම සඳහා බොහෝ යුරෝපානු රටවල (විශේෂයෙන්ම ජර්මනියේ) නාසිවාදය හා සබැඳි සංකේත තහනම් කර තිබේ.

ආශ්‍රිත

[සංස්කරණය]
  1. ^ Staff (ndg) "Ideologies: Neo Nazi" සංරක්ෂණය කළ පිටපත 12 පෙබරවාරි 2021 at the Wayback Machine Southern Poverty Law Center. Quote: "While some neo-Nazi groups emphasize simple hatred, others are more focused on the revolutionary creation of a fascist political state." (emphasis added)
  2. ^ Gay, Kathlyn (1997) Neo-Nazis: A Growing Threat. Enslow. p. 114. ISBN 978-0894909016. Quote: "Neo-Nazis ... use fear and violence in their efforts to destroy minorities. Their goal is to establish a "superior" society."(emphasis added)